පිරිමින්ට ඕනෑ Sex විතරමද?


“ඔයාට ඉතින් ඕක විතරමනේ ඕන”, මේ කාන්තා පාර්ශවයෙන් පුරුෂ පාර්ශවයට නැගෙන නෝක්කාඩුවක්. ‘ඕක’ කියල අදහස් කෙරෙන්නේ ලිංගික හැසිරීම් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඇත්තටම පිරිමින් වැඩි අවධානයක් යොමු කරන්නේ ලිංගික හැසිරීම් පිළිබඳව විතරක්මද? යුග දිවියක සාර්ථකත්වයට ලිංගික හැසිරීම් යනු අත්‍යාවශ්‍ය සාධකයක් තමයි. නමුත් පිරිමින් තම සහකාරියගෙන් මූලිකවම බලාපොරොත්තු වන්නේ එයම පමණක් ද?  මේ ලිපිය ඒ පිළිබඳවයි.

නමුත් ඇත්ත වශයෙන්ම පිරිමින්ට අන් සියල්ලටම වඩා වැදගත් වනවා යැයි කියන්නේ තම සහකාරියගෙන් ලැබෙන ගෞරවයයි.  ඔවුන් සෑම විටම සහකාරියගෙන් ලැබෙන අගය කිරීම්වලට වටිනාකමක් ලබා දෙනවා. තමන්ගේ වගකීම් හරියට ඉටු කරන බවට, තමන් නිසා ඇය සිටින්නේ සතුටින් බවට යනාදී දෑට ඔවුන්ට ලැබෙන හොඳම සහතිකය වන්නේ සහකාරියගෙන් ලැබෙන ගෞරවය සහ අගය කිරීමයි.

සහකාරියගෙන් කොතරම් ලිංගික වශයෙන් තෘප්තියක් ලැබුවත් ඇය තමන්ව හෙලා දකිනවානම්, තමන් පවුල වෙනුවෙන් කරන දෑ නොසලකා හරිනවානම්, නිතර දෙවේලේ මැසිවිලි නගනවානම් පිරිමින්ට යුග දිවිය එපා වන බවයි සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ.

මෙය කියවන ඔබ කාන්තාවක් නම් පහත දෑ මගින් ඔබේ සහකරුව සෑම විටම අගය කරන්න. ඔබේ යුග දිවියේ සතුට සෑමදාම රැඳී පවතීවි.

  • ඔහුට කීමට ඇති දේට සවන් දෙන්න. ඒ සමඟම ඔබේ අදහස් ද ඔහු හා පවසන්න
  • ඔබ යමක් කිරීමට පොරොන්දු වූවා නම් එය ඒ ආකාරයටම ඉටු කරන්න.
  • ඔබ ඔහු හා එකඟ නොවන තැන් ඇත්නම් ඒ පිලිබඳව ඔහු හා පෞද්ගලිකව කතා බහ කරන්න.
  • මිතුරන්, නෑදෑයන්, අසල්වැසියන් ඉදිරියේ ඔහුගේ හොඳ ගති ගුණ පිලිබඳව පවසන්න.
  • ඔහු නිසා ඔබට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන බව ඔහුට දැනෙන්නට දෙන්න.


This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: