යෝනි ප්ර‍දේශය වෙනුවෙන් ගත යුතු ආහාර වර්ග 10ක්.


යෝනි ප්‍රදේශය යනු ඉතා ඉක්මනින් ආසාදනවලට ලක්විය හැකි ප්‍රදේශයක්. එයින් කිහිපයක් වන යීස්ට් හා බැක්ටීරියා ආසාදන, මුත්‍රා කරන විට ඇති වන අපහසුතා, යෝනි දාහය, බිබිලි හා එම ප්‍රදේශය දැඩි ලෙස වියළි ස්වභාවයක් ගැනීම, කැසීම, දුගඳ හැමීම කාන්තාවකට ඉතාම පීඩාකාරීවන බව අමුතුවෙන් කිවයුතු නැහැ. එදිනෙදා කටයුතු වලට පමණක් නොව යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීමටද එයින් බාධා පැමිණෙනවා. 

අනාරක්ෂිත ලිංගික සබඳතා, ශරීරයේ හෝර්මෝනවල ඇතිවන අසමතුලිතතා, විවිධ මානසික පීඩාවන්, උපත් පාලන ක්‍රම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල, වෙළෙඳපොලේ ඇති කාන්තා සනීපාරක්ෂාව සඳහා වූ නිෂ්පාදන භාවිතය ද යෝනි ප්‍රදේශය අවට ආසාදන ඇති වීමට හේතුවන බව කිව යුතුයි.

මේ ලිපියෙන් කියවෙන්නේ යෝනි ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබට ගතහැකි ආහාර වර්ග කිහිපයක් ගැනයි.

  • ක්‍රාන්බෙරි යුෂ

ක්‍රාන්බෙරිවල බැක්ටීරියා නාශක ගුණය  පවතිනවා. මුත්‍ර ප්‍රදේශයේ ඇතිවන ආසාදන සමනය කිරීමට ක්රාන්බෙරි ඉතා හොඳ පිළියමක්.මේ සඳහා වෙළෙඳපොලේ ඇති සැකසූ යුෂ පානය කිරීම එතරම් සුදුසු නෑ. ඒ එම සැකසූ යුෂවල අධික ලෙස සීනි අඩංගුවන නිසා. එම නිසා වෙළෙඳපොළෙන් මිලදී  ගන්නවානම් සීනි රහිත යුෂ මිලදී ගැනීම තමා සුදුසු වන්නේ. එසේ නැතිනම් ඒ වෙනුවට පළතුරු මිලදීගෙන ඔබටම යුෂ සකස්කරගෙන පානය කිරීමට හැකිනම් අගෙයි.

  • යෝගට්

යෝනි ප්‍රදේශයේ pH අගය සමතුලිතව තබා ගැනීමට යෝගට් උපකාරී වෙනවා. ඒ එහි අඩංගු ප්‍රෝබයෝටික් නිසා.

  • අර්තාපල්

අර්තාපල්වල විටමින් A බහුලව අඩංගු වනවා. විටමින් A යනු ගර්භාෂ බිත්තිවල හා යෝනි මාර්ගයේ සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන සංඝටකයක්. එමෙන්ම හෝර්මෝන නිෂ්පාදනය සඳහාද විටමින් A උපකාරී වෙනවා.

  • සුදු ළූණු

යීස්ට් ආසාදන සමනය කිරීමට සුදු ළූණු යනු මහඟු ඔසුවක්.

  • අලි ගැට පේර, ඇපල්

යෝනි ප්‍රදේශයේ වියළි බව නැතිකර යහපත් තෙතමන තත්වයෙන් එම ප්‍රදේශයේ රඳවා ගැනීමට මේවාට හැකියි.

  • නැවුම් එළවලු සහ පළතුරු
  • Dark Chocolate
  • කොට්ටම්බා සහ වට්ටක්කා වැනි ඇට වර්ග

මේවායේ සින්ක් අඩංගුවන නිසා ඔසප් චක්‍රයේ සිදුවන අක්‍රමිකතා හෝර්මෝනවල ඇතිවන අසමතුලිතා තත්වයන් මග හැරවීමට උපකාරී වනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්රියාකාරිතවයටද සින්ක් යනු අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍යයක්.

  • පේර, දොඩම් හා මාළු මිරිස් වැනි විටමින් C බහුල ආහාර වර්ග.
  • ජලය
  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමද ඔබ විසින් කළ යුතුමයි.


This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: